සරළ දේවල් | Sarala Dewal by Dhanith Sri [2023]

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්
සරළ දේවල්
ජීවිතේට පණ දෙන්න ලෝකේ ඉඩකඩ ඇති තරම්
සරළ දේවල්
විඳින්න ලෝකේ අමතක කරලා දාලා යන්නේ මං

සඳ පිණි මත වැටි නෙතු අග දිළිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ
තරු එක දෙක වැටුනට මං නෑ තැවෙන්නේ
අහස සිඹින මට ඔටුනු වැටෙන්නේ
එක කකුලකි බිම නෑ MISS වෙන්නේ
වැටුනට බයක් නැත්තේ ඒකයි අදටත් හෙටත් මල්ලී

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්

ජීවිතේට ගන්න බැරි ආදරේට දුන්න දේවල්
දීලා දාන්න මල්ලි අපි අද හෙට යයිද දන්නෑ බං
කවුරු මොනව කිව්වත් නිදහස්සේ හෙමිහිට මං මගෙ පාරේ
නුඹේ අදහස මං ගැන මොකක් වුනත් අදාල නෑ බං
අපි අපි ගැන සැක කළ උස් මිටි කම් ඇති කළ
කැත සල්ලි ගැන කතාකරන්නවත් ඉඩක් දෙන්නෑ මං

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්

YEAH
සරළ දේවල්
විඳින්න ඉගෙනගනින් මචං කවුරු කීවත්
සරළ දේවල්
අමතක කරන්නෙපා මචන් පොඩිවුනත් ඒවා ලොකු දේවල්
ගහන්නෑනේ ලේබල් ඕන දෙයක් තේරුම්ගන්න මගෙ හිත OPEN
ඉන්නම්
හඳේ හාවත් එක්ක සෙල්ලම් කර කර මං

YEAH
ඉර හඳ තරු යට කැරකෙන ලෝක බෝලෙ උඩ යන
පොඩි පොඩි කූඹි වගේ එහේ මෙහේ ප්‍රශ්න ගොඩ ගහගෙන
යන එන හිත තේරුම් අරන්ගෙන හරි මැද ඉඳගෙන
සබඳ අපි නොම වෙමු කඳු එක එකා පරයා නැග එන

උම්බම්බේ උබම් බම්බේ
සඳ පිණි මත වැටි නෙතු අග දිලිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ
සඳ පිණි මත වැටි නෙතු අග දිලිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ

written by Dhanith Sri

රේස් එක | Race Eka by Dhanith Sri [2023]

I hope you find
freedom in this world ////

Welcome to Raplanthaya

නැග්ගා අසුපිට
උදේ පාන්දර
යන්නයි යන්නේ රේස් එක
යුනිෆොර්ම් ඇද

මාසෙක අන්තිමයට ප්‍රතිඵල
අරගෙන විසදමි ප්‍රශ්න ආර්ථික

වෙලාව 8යි සභාව දුරයි
රජ දැක්කොත් පඩි නෑ දුකයි
ඇද ගත්තා කමිසය
ගත්තා දත් බුරුසුව
මූන හෝද ගමි යනි ගමන් අසුපිට

රැල්ලට ගහගෙන යන ලෝකෙක
විකුනමි මම නිදහස මනසික
අපි අපේ වටිනාකම් නැති කරගෙන
කොල එක දෙක තුන හතර පස්සේ ගියා නේද

ගියොත් ආයේ අල්ලගන්න බැරි
නැවතුනොතින් ඇඩ්‍රස් නැති
හිත හැමතැන විසිරුනා
අල්ල ගන්න බැරි වුනා
අපිට අමතක උනේ
මේ මොහොතයි පුතේ

අනේ හපොයි
තරග කරන්නේ කවුරු එක්කද
සිතුවද
මොහොතක් ලං වුනාද දිනුමට
සසදන එක ඉවරයක් නැ නේද?

ඉන්නතාක් හම්බ කරගනින්
පුතේ
කියලා තමයි ලෝකෙම ඉගැන්නුවේ
අනුන් ගැන හිතන්න නම් ඉඩක් නෑ වටේ
ප්‍රශ්න තමයි ඔහොම තමයි පුතේ ජීවිතේ
කියලා තමයි සීයා හැමතිස්සේම අපිට කිව්වේ
නවතින්නේ නෑ රේස් එක අපි දුවන්නේ
නවතින්නේ කවදාද නවතින්නේ?

අපිට කොහෙද නිදහසක්
ජීවිතේ ගැන හිතන්නවත්
මම ඉගෙනගෙන ඉගෙනගෙන
ඉවරයි
නිදහසක් නැති වේදනාව පමණයි
කවදාවත් නැති විදපු නැති
ආස දේවල් ගොඩයි
හිතේ විතරක් තිබුන දෙයින්
රාජකරි ගොඩයි

තේරුම් ගන්න බෑ
තේරුම් ගන්න බෑ මට
නිදහසක් නෑ නිදහසක් නෑ මට
හැම මොහොතෙම හිත බරයි
කරුමෙට
කල්ප කාලයක් දුරයි නේද නිවනට?

written by Dhanith Sri

අප්‍රකාශිත | Aprakashitha by Dhanith Sri [2023]

නුඹ මගේ නොවෙයි
මා නුඹෙ නොවෙයි
අපි අපේ නොවෙයි
ඉතින් මක් වේදෝ

නුඹ නැති ලොවේ
තනිකම දැනෙයි
නුඹ ලග මා
ගොලු වී යයි

හීන ළග තියා
මා හැර ගියා යන්න
ඈ දමා අද
ඇගෙ හිත තලා
ඈතක පියාඹන්න
කම් නැතේ
අප්‍රකාශිතයි ආදරේ

හිත ගිය තැන
හැදුවෙමි මාළිගාව
හිත නැවතුනා
පුදුමයි ඔයා ගාව

පිළිවෙළක් නැති
මගේ ලෝකේ හැදුවාට
ලග නැතුවට
ආදරෙයි හැමදාම

ඔයා දුන්නු හැමදේම
ඇද ගාව
තියනවා ඉදහිට
බලනවා තාම

දිළිසෙන තරු ඇති
කළුවර රෑක
තනි තරුවකි තවමත්
හද ගාව

written by Dhanith Sri

dhanith sri,dhanith sri music,dhanith rap,dhanith new album,sad sinhala songs,aprakashitha,dance inspire,kavya eriyagama,sad songs,rap music lovers,sinhala rap,music lovers,best sri lankan songs,sri lankan rap,sri lankan music,hiru tv,hela rap,sri lanka,tv derana,new songs,rap music,sirasa tv,illuminati,rap battle,rap lanthaya,music videos,sarala dewal,rap music videos,new music sri lanka,kavya,top 10,top music,new music,new album

ආලවන්ති | Alawanthi by Jaya Sri [2023]

ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
නුඹට වශීවෙලා මා

තනිවෙන්නට ආසම නැහැ දැන්
නුඹෙ ගත හැඩ සිහිවෙයි හැමතැන්
සිහින සැබෑ වෙන හැටි දැනගනිමින්
බලා ඉඳිමි නුඹ මා වෙත එනකන්
සඳ කොහෙදෝ හිරු කොහෙදෝ
හිතට දැනෙන සැප කාට කියන්දෝ
සිහින දිගේ දුවගෙන එන මඟ මම
මටම ලැබෙන තුරු බලා ඉදින්දෝ…

සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී…
සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී
නුඹට වශීවෙලා මා

ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

written by Reru

බෝඩිමේ ඉදන් | Bodime Idan by Rajith Senaratne [2023]

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නෙ,
සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ,

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

ඒ ලෙවෙල් කරන්න කියල බෝඩිමකට යන්නේ,
බෝඩිමේ ඉන්න බෑ තනිකමක් දැනෙන්නේ,
ඕන දෙයක් වෙන්න කියල ගෙදර එන්න හිතෙන්නේ,
ගෙදර ගිහින් ඉන්න බෑ මල්ලි මට බනින්නේ,

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නෙ,
සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ,

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

මාසෙට එක පාරනෙ මම මල්ලියව බලන්නේ,
ඌට ඒක තේරෙන්නැ ඌම මට බනින්නේ
පූරුවෙ කල පවකට මට මල්ලියෙක් ලැබෙන්නේ
මල්ලිල නොලැබෙන්න කියල පිංකමක් කරන්නෙ

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නෙ,
සිංදුවක් කියන්න බෑ මල්ලි කට බනින්නේ,

බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ //

written by Rajith Senaratne

ආදර වසන්තයට | Adara Wasanthayata by Raveen x Kalpana

බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ //
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානේ..
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානෙ දේවී

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

ආ තේරුනා
පුංචි නැහැනෙ මිරිස් කරල
දුම් දමනවා
ඈත පෙනෙනවා

හා බේරුනා
හිතා ඉන්නෙ එහෙම නේද
බස් දුවනවා
ඈත පෙනෙනවා

හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවා…නේ
හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවානෙ ආයෙ

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

written by Kusala Vidanapathirana

ඇහෙනවද | Ahenawada Gahena Hadawatha by Sudeera Dilshan

හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා

හෙට තනි වී ආයෙම – ආ ගිය පාරෙම
ඇවිදන් යන්නම් – මන් තනියෙන්
කවුරුත් නැතිදා – සඳ එලියෙන්

ම්ම්ම්

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ…//

ලඟින් හිඳ ගෙවුන කාලයේ
නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද මට කියන්න
දුක නිවෙන්න හදවතේ

මා හා රැදෙන්න දුරින් මේ භවේ…

ඇහෙනවද ගැහෙන හදවත මගේ…///

written by Udesh Aryan

sudeera dilshan,sudeera dilshan new song,sudeera tik tok viral song,the voice sudeera dilshan,allan yanna beri athak sudeera dilshan,hindi song,udesh aryan,vidura vijersthna,udgoshanaya,allan yanna beri athak tik tok song,nuba ha hamuvi,aye ma thanivila,porondu wennma sansare,lofi song sinhala,manoparakta sindu,slow song sinhsla,zara zara sinhala,eka diga kathawak,manoparakata sindu,bora diya ravi jay,nethu ananya tik tok,mewwa beheth 2

වීදුරු දෑසේ | Weeduru Dase by Supun Perera [2023]

කවුලු හැර පාලු මහදේ එනකන් බලා
යාලු හිත වාරු ගෙන මා සඟවා තියා
හීන බොඳ වෙච්ච දිවියේ
ධූමයට එක්ව අඳුරේ
ආදරේ මතක අතරේ හෙව්වා රහ

වීදුරු දෑසේ දිස්නය මාගේ
හද පතුලේම තැන්පත් කරලා
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා

ප්‍රේමයට නූපදී නම් සංවේදනා
පාවෙලා යන්න තිබුණා පෙම් චාරිකා
වින්ද රස භාව නවතා
යන්න හිතුවාද හඬවා
නැද්ද දැනුනේම පෙරදා මේ ආදරේ

වීදුරු දෑසේ දිස්නය මාගේ
හද පතුලේම තැන්පත් කරලා
පිවිතුරු හීනේ ලඟ සිත හීරේ
නිදි යලි නේන කඳුලක් වෙලා දැන් ඔයා

written by Lasitha Jayaneththi Arachchige

ඈ හා | Ae Ha by Ridma Weerawardena [2023]

ඈ හා – තනිකම හුරුකම අතරේ මා හා
ඈ හා – නැතිකම ඇතිබව අතරේ මා හා

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ
හා කිව්ව බෑ කිව්ව දවසේ
නෑ දෙන්න ඒ හුස්ම ආයේ
වින්දා.. ජීවිතේ

මනසින්ම අතහරින ආදරයෙ ගීතේ
ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ
විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ
මේ ගමන නවතින්නේ දැන්

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

written by Manuranga Wijesekara

ridma weerawardane,ridmaw,ridmadw,ridma,imzys dance crew,nisal gamage,amazing voice,sobana,acoustic singer,sri lanka,srilankan vocalist,naadhagama,bollywood songs,imzys,hindi,senanga dissanayake,sobana(සොබනා),bollywood

කදු මුදුනින් | Kandu Mudunin Sanda by Ajith Muthukumarana

කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ //

ලන්තෑරුම් පහන්සිල නිවා
රඳවාගමි දෑසෙ ඔබෙ සොයා
හැමදාකම සිතේ ගිනි නිවා
මගෙ සඳ වෙනු රත්තරන් ඔයා

කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ //

මනමාලයි පිනිකැට වැස්ස
සඳ වාගෙයි මට ඔබෙ දැක්ම
පන වාගෙයි පිදුව සෙනෙහස
ඔබ ගාවින් යන්නෙ නැහැ මම

කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ //

written by Ajith Muthukumarana

muthukumarana,mutukumarana,ajith muthukumarana best song,muthukumara,mutukumara,marijuana,ajith,sinhala,mano,lanka,ganja,potha,rastha,lokaya,romantic,beautiful,pota,sindu,top 10,feeling,top,beat,song,best,world,songs ajith muthukumarana lyrics,ajith muthukumarana songs,ajith muthukumarana song,ajith muthukumarana live,ajith muthukumarana nonstop,ajith muthukumarana best songs with lyrics,ajith muthukumarana new songs,ajith muthukumarana,ajith muthukumarana album,ajith muthukumarana karaoke,ajith muthukumarana tomorrowland,ajith muthukumarana best nonstop,ajith muthukumarana best songs collection,muthukumarana,ajith songs,sinhala songs with lyrics,sudu araliya mala lyrics